30 C
Colombo
Friday, December 8, 2023

ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසනවා.

ඒ අද අලුයම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් පරාජයට පත් වීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැපවන බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සැලැස්වීමට තමන් පියවර ගන්නා බවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානය අද අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිටයි මෙරටට පැමිණියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත එක් ව සිටියා.

ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණුකරුවන්, භෞත චිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා පැමිණි බවයි වාර්තා වන්නේ. ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව යාම සඳහා පොදු බස් රථයක් ද සූදානම් කර තිබුණද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද යොදා තිබුණු බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර එක්දින ලෝක කුසලානයේදී අමිහිරි පරාජයක් උරුම වුණා. ඒ ඔවුන් මුහුණ දුන් තරග 09න් 07ක් ම පරාජයට පත් වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහි තරගය සහ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණි. ඊයේ පැවැති අවසන් තරගය ද ඔවුන් නවසීලන්තය ඉදිරියේ කඩුලු 05කින් පරාජයට පත් වුණේ, ප්‍රසාද ලකුණු පුවරුවේ 09 වැනි ස්ථානයට ඇද වැටෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීම මේ වනවිට අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

Latest

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here