25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරය අල්ලා ගැනීමට සැලසුමක් නෑ - ඊශ්‍රායල අගමැති

ගාසා තීරය අල්ලා ගැනීමට සැලසුමක් නෑ – ඊශ්‍රායල අගමැති

හමාස් සංවිධානය සමඟ ඇති යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරය යටත් කර ගැනීමට, අත්පත් කර ගැනීමට හෝ පාලනය කිරීමට රට උත්සාහ නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා.

අහ්‍රාමාත්‍යවරයා එක්සත් ජනපද රූපවාහිනී නාලිකාවකට පවසා ඇත්තේ සටන්කාමී තර්ජන පැන නැගීම වැළැක්වීම සඳහා අවශ්‍ය නම් විශ්වසනීය බලවේගයක් එම භූමියට ඇතුළු වීමට අවශ්‍ය වනු ඇති බවයි.

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ සිවිල් රජයක් අවශ්‍ය වනු ඇති නමුත් ඊශ්‍රායලය ද එය සහතික කළ යුතු බවයි.

හමාස් සංවිධානය මිනිසුන් 1400ක් පමණ ඝාතනය කරමින් ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ ප්‍රහාරයක් නැවතත් සිදු නොවනු ඇති බවත් එබැවින් අවශ්‍ය නම් ගාසා තීරයට ඇතුළු වී මිනීමරුවන් මරා දමන විශ්වසනීය බලවේගයක් අප සතුව තිබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.