25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්යානා වැසිකිලියෙන් රත්‍රං කුඩු පාර්සලයක් හමුවෙයි

ගුවන්යානා වැසිකිලියෙන් රත්‍රං කුඩු පාර්සලයක් හමුවෙයි

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් යානය වැසිකිළියේ තිබී රත්‍රං කුඩු ඇතුළත් පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

අද (10) පස්වරු 01:35ට චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ AI 272 දරණ ගුවන් යානයේ වැසිකිළියෙහි අයිතිකරුවෙකු නොමැති පාර්සලයක් ඇති බවටයි ගුවන්යානා කාර්ය මණ්ඩලය දැක ඇත්තේ.

පසුව මේ පිළිබද ගුවන්තොටුපළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසුව ගුවන් හමුදාවේ නිල සුනඛයෙකු යොදවා පරීක්ෂා කිරීමක් සිදු කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ එම පාර්සලය තුළ රත්‍රං කුඩු ඇති බවයි. මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ ගුවන්තොටුපළ ආරක්ෂක අංශය විසින් සිදු කරනු ලබනවා.