27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝලිගේ වත්කම් ගැන අනාවරණයක්

කෝලිගේ වත්කම් ගැන අනාවරණයක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම අගය වන බවයි.

විරාත් කෝලි ටෙස්ට් තරගයක් සඳහා තරග ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් අය කරනු ලබන අතර ව්‍යාපාර සන්නාම 18කට අධික ප්‍රමාණයක පෙනී සිටිනවා.

ඒ එක් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 8 සිට 10 දක්වා ගාස්තුවක් අය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඔහු ව්‍යාපාර ආයතන හතක් සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර ඔහුගේ නමින් සුපිරි පන්නයේ නිවාස දෙකක්ද ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.