ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු අටම විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව වාන් දොරටු හතරක් අඩි හතර බැගින්ද, ඉතිරි දොරටු හතර අඩි දෙක බැගින්ද විවෘත කර ඇති බවයි.
ඉන් තත්පරයට ඝන අඩි 17,000 ක ජල ධාරිතාවක් නිකුත් කෙරෙන බැවින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.