― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමසකට සයිබර් ප්‍රහාර පිළිබඳ පැමිණිලි 3000ක්

මසකට සයිබර් ප්‍රහාර පිළිබඳ පැමිණිලි 3000ක්

සයිබර් ප්‍රහාර (හැක්වීම) පිළිබඳව දැනුම් දීම සඳහා මාසයකට දුරකතන ඇමතුම් 3,000කට වඩා ලැබෙන බව සර්ට් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඊයේ (09) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති සයිබර් ආරක්ෂණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

එම ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු නිරෝෂ ආනන්ද පැවසුවේ දිනකට පුද්ගලයන් 25-30 අතර ගණනක් ආයතනය වෙත පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කරන බවත්, විද්‍යුත් තැපෑලෙන් තවත් පැමිණිලි සියයකට වඩා ලැබෙන බවත්ය.

එමෙන්ම මෙරට තුළ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීම් 2022 වසරේදී 40,000ක් සහ 2023 වසරේදී 60,000ක් සර්ට් ආයතනයට වාර්තා වී ඇති අතර
වෙබ් අඩවි, ෆේස්බුක්, වට්ස්ඇප්, ටික්ටොක් යන සමාජ මාධ්‍ය සයිබර් ප්‍රහාරයන්ට ලක්වීම් පිළිබඳව මෙන්ම බුද්ධිමය දේපළ, වීඩියෝ, දත්ත හා මෘදුකාංග සොරා ගැනීම් පිළිබඳව සර්ට් ආයතනයට වැඩි වශයෙන් පැමිණිලි ලැබෙන බවයි ඔහු අවධාරණය කළේ.