25.6 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට ගල් පෙරළෙයි

මස්කෙළිය – නල්ලතන්නිය මාර්ගයට ගල් පෙරළෙයි

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙළිය – නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිණි ඇල්ල අසළින් ප්‍රධාන මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරලී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එක් මංතීරුවකට සීමා කර ඇත.

කදු මුදුනේ සිට විශාල ගල් කිහිපයක් පසුගිය දිනවල ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ අනුව එම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදි සැලිකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කදු මුදුනේ තවත් විශාල ගල් කිහිපයක් පහළට පෙරළීමේ අවධානමක් පවතින බවත්, මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම පහළට පෙරළීමේ අවධානමක් සහිත ගල් ඉවත් කිරිමට පියවර ගන්නා බවත් එහි නිලධාරින් පැවසීය.