― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅරවින්ද ද සිල්වා Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබයි

අරවින්ද ද සිල්වා Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස් කළේය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6361කි.

එක්දින තරග 308කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අරවින්ද ද සිල්වා ලකුණු 9284 රැස් කරගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම ගෞරව නාමය මෙය වීම විශේෂත්වයකි.