― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප

අල්ලස් ගත් පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප

රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති වරයා රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

දැවිතෙල් කර්මාන්තයට අදාළ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණා.