27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැයෙන් ජනතාවට කිසිඳු සහනයක් නැහැ

අයවැයෙන් ජනතාවට කිසිඳු සහනයක් නැහැ

මෙවර අයවැයෙන් ජනතාවට කිසිඳු සහනයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (13) අයවැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයාට රුපියල් 10000ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බවත් විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බවත්ය.

අයවැයට පෙර වැට් බදු ගැසූ බැවින් ජීවන වියදම අහස උසට ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ දැනට ලක්ෂ 07කගේ විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත්ය.