― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමම කිව්ව ගමන් ICCයෙන් අපිව තහනම් කළා නම් මම මාර පොරක් වෙන්න...

මම කිව්ව ගමන් ICCයෙන් අපිව තහනම් කළා නම් මම මාර පොරක් වෙන්න ඕන – ශම්මි සිල්වා

තමා කිව්ව ගමන් අයි.සී.සී.යෙන් ශ්‍රී ලංකාව තහනම් කරන්න නම් තමා මාර පොරක් විය යුතු බවත් ඇමතිතුමා දාපු කමිටුවෙත් ඉන්නේ සූදුකාරයෝ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මම මුලින් ම කියන්නේ ඕන. ක්‍රීඩා තුනක් ඒ කියන්නේ පාපන්දු, රග්බි සහ ක්‍රිකට් තහනම් කරපු එක ම රට ශ්‍රී ලංකාව වෙන්න ඇති. මේකට වගකියන්න ඕන ක්‍රීඩා ඇමතිවරයා නේ ද? පසුගිය ලෝක ලෝක කුසලානයට අපි ගියේ ඇමතිවරයාගේ අවසර අරන්. ඒවාගේ විස්තර අපි ළඟ තියෙනවා.

ඒ වගේ ම ඔස්ට්‍රේලියානු වීසා ගැනීමේ ලේඛනයක් අපි ළඟ තියෙනවා. ඒකෙ ක්‍රීඩා ඇමතිතුමාගේ දූලා දෙන්නගේ නම් දෙකත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේ ම අයි.සී.සී.යෙන් මෙයට මාස 5කට පෙර මෙහෙ ඇවිල්ලා නිරීක්‍ෂණය කළා. එම නිලධාරී පිරිස ලංකාවට ආවේ මැයි 10 වන දා. ඊට පස්සේ මම අයි.සී.සී. රැස්වීමට ගියේ ජූලි 10 සිට 14 දක්වා. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දේශපාලන අතපෙවීම් තියෙනවා කියලා ඒ අයගේ රිපෝට්වල තිබුණා. එතනදී අයි.සී.සී.ය මගෙන් ඇහුවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නවත්වන්න ද, එහෙම නැත්නම් ලබා දෙන මුදල් නවත්වන්න ද කියලා.

එතනදී මම කිව්වා දැන් ඒ ප්‍රශ්න ටික ඉවරයි කියලා. එහෙම කළ අපිට දැන් හොරා කියනවා. මම මෙතනට එන අවස්ථාවේදී මේක බංකලොත් සංගමයක්. දැන් අපි ලෝකෙන් ම ආදායම් උපයන ක්‍රිකට් ආයතනයක්. අපි ක්‍රීඩා ඇමතිවරයාට දුන්නා මිලියන 290ක්. අපි මේක දුන්නේ අනිත් ක්‍රීඩාවලට වියදම් කරන්න කියලා. ඒවා වියදම් කළේ මොනවට ද කියලා අපි ලියුම් 3-4ක් යැව්වා. අපි එහෙම ලිපි යැව්වේ ඒ වියදම් කරපු විස්තරය අපිට අවශ්‍යයි අපේ විගණනය සඳහා. එයට කිසි ම පිළිතුරු මේ දක්වා අපිට ලැබිලා නැහැ. අපිට තව චෝදනාවක් තියෙනවා.

ශ්‍රී ලංකාවට තහනමක් දෙන අවස්ථාවේදී අපි ප්‍රසිද්ධ හෝටලයක ඉඳලා ජය පැන් බිව්වා කියලත්, මම කිව්ව ගමන් අයි.සී.සී.ය අපිට තහනමක් දුන්නා කියලත්. මම ජය පැන් බිව්වේ නැහැ. මම බිව්වේ ෆෘට් ජූස් එකක්. ඒක බීලා ගෙදර ගියා. ඒ වගේ ම මම කිව්ව ගමන් අයි.සී.සී.යෙන් ශ්‍රී ලංකාව තහනම් කරන්න නම් මම මාර පොරක් වෙන්න ඕන. ඒ වගේ ම අපි කුඩු, සූදු කාරයෝ කියලා ඔය පාර්ලිමේන්තුවෙන් අපිට චෝදනා කරනවා. ඇමතිතුමා දාපු කමිටුවෙත් ඉන්නේ සූදුකාරයෝ නේ. හොයලා බලන්න.