― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී තරුණයෙක් අතුරුදන්

දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

කොස්වතු ඔයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙක් දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

කොස්වත්ත පොලීසිය සඳහන් කළේ ඊයේ (12) සවස මෙම තරුණයා මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇති බවයි.

මෙලෙස දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ හෂාන් සුදේශ් නැමති 22 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

තරුණයින් තිදෙනෙක් වීහේන – පළුවැල්ගාල ප්‍රදේශය හරහා ගලා යන කොස්වතු ඔයේ ඊයේ (12) පස්වරුවේ දිය නෑමට ගොස් තිබෙනවා.

එලෙස දිය නාමින් සිටින අතර තුර එක් තරුණයෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති අතර, අතුරුදන් වූ තරුණයා සොයා කොස්වත්ත පොලීසිය සහ ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුම් ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.