31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසොහොනක තිබූ කිරිගරුඬ පිළිමයක් අතුරුදන්

සොහොනක තිබූ කිරිගරුඬ පිළිමයක් අතුරුදන්

මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක තැන්පත් කර තිබූ දේවදූත පිළිමයක් අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ සොහොන් කොතක තැන්පත් කර තිබූ කිරිගරුඬ පිළිමයක් බවයි.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අද මොරටුමුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරට අයත් මෙම සුසාන භූමියේ පැරණි සොහොන් කොතක තැන්පත් කර තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් සකස් කර ඇති දේවදූත රුවක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මොරටුමුල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර; මෙය පෞරාණික වටිනාකමකින් යුත් කිරිගරුඬවලින් නිමවා ඇති පිළිමයක් නිසාවෙන් මෙය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි සැක කරන බවට ද වාර්තා වනවා.

මළවුන්ට අයත් දෙයක් හෝ මේ වනවිට පරිස්සම් කරගැනීමේ නොහැකියාවක් රට තුළ හටගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.