30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට ගබ්සාවක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට

දැරියකට ගබ්සාවක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වයස අවුරුදු 13ක දැරියකට ගබ්සාවක් සිදුකිරීමේ චෝදනාව මත තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මවගේ අනියම් සැමියා අතින් දැරිය ගැබ්ගෙන ඇති බවයි.

දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඇය ගැබ් ගෙන ඇති බවයි. පසුව ඔවුන් මුලතිව් නගරයේ වෛද්‍යවරයෙකු හමු වී දැරියට ගබ්සාවක් සිදුකරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගබ්සාවෙන් පසුව දැරිය අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීම හේතුවෙන් දැරියගේ මව ඇයව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී දැරිය වෛද්‍යවරයෙකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කොට ඇති අතර වෛද්‍යවරයා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි පොලීසිය විසින් ගබ්සාව සිදු කළ වෛද්‍යවරයා, දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.