28.4 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුර්ලභ ගණයේ වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

දුර්ලභ ගණයේ වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලිසිය විසිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු 22 හැවිරිදි දියතලාව – කහඹිලිය නව ගම්මානයේ පදිංචිකරුවෙක්.

මෙම වාලම්පුරිය සැකකාර තරුණයා තවත් අයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.