33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපා කරුණා සමයේ පොලිතින් පාලනයට නව ක්‍රියාමාර්ග

සිරිපා කරුණා සමයේ පොලිතින් පාලනයට නව ක්‍රියාමාර්ග

උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින්, ප්ලාස්ටික් රැගෙන යෑම පාලනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඔහු අවධාරණය කළේ පොලිතින් සහ ප්ලාස්ටික් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ රැගෙන යෑම පාලනය කිරීම සඳහා ගමන් මළු පරීක්ෂා කිරීමේ ස්ථාන කීපයක් පිහිටුවීමට මෙවර කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම සෑම ශ්‍රී පාද වන්දනා සමයක් අවසානයේදීම පොලිතින් සහ ප්ලාස්ටික් ටොන් සිය ගණනක් ශ්‍රී පාද පරිසර පද්ධතියට එකතු වන බවත් නල්ලතන්නිය මාර්ගයේ පමණක් විසිරී තිබෙන පොලිතින්, ප්ලාස්ටික් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මස්කෙළිය ප්‍රාදේශීය සභාවට වසරකට රුපියල් මිලියන දෙකක පමණ මුදලක් ලබාදෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.