26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආදාහනය කළ මළ සිරුරක් ගැන විමර්ශන

ආදාහනය කළ මළ සිරුරක් ගැන විමර්ශන

නිවසේදී මියගොස් ඇති කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැනුවත් නොකර අවසන් කටයුතු සිදු කිරීමට සුදානම් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි මෙම විමර්ශනය අරඹා ඇත්තේ. පොතුහැර – පරබැවිල – බෙලිගොල්ලවත්ත පදිංචිව සිටි වයස අවුරුදු 80 ක් වන කාන්තාවක් ඉකුත් 13 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඇයගේ නිවසේ දී මිය ගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පොලීසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුවත් කිරීමක් නොකර සිරුර 14 වෙනිදා පොල්ගහවෙල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම සිරුර 15 වෙනිදා පොල්ගහවෙල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට ද මිය ගොස් ඇති කාන්තාවගේ මිනිබිරියක් බව කියන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටයුතු කර තිබෙනවා.

මෙම මරණය සැක කටයුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් ලබා දී ඇති අතර ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුනේ.

පොතුහැර පොලීසිය මිය ගොස් ඇති කාන්තාවගේ අවසන් කටයුතු නතර කර මේ වනවිට පුළුල් විමර්ශනයක් මරණය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.