27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලය අල් ෂිෆා රෝහල වටලයි - සිවිල් වැසියන්ටත් රතු එළි

ඊශ්‍රායලය අල් ෂිෆා රෝහල වටලයි – සිවිල් වැසියන්ටත් රතු එළි

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා හි තවමත් රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (15) අලුයම වන විට අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත් බවයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මුනීර් අල් බර්ෂ් විසින් අල් ජසීරා පුවත් සේවයට පවසනු ලැබ ඇත්තේ ඊශ්‍රායල හමුදාව වෛද්‍ය සංකීර්ණයේ බටහිර පැත්ත වැටලූ බවයි.

තමන් සිටින පළාතම අළු දුහුවිලිවලින් පිරී ඇති බවත්, රෝහලේ බටහිර කොටසෙහි විශාල පිපිරුමක් සිදුව ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි බර්ෂ් අල් ජසීරා පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ආක්‍රමණික හමුදා රෝහලේ බිම් මහලේ සෝදිසි කිරීම්හි යෙදී සිටින අතර තව මොහොතකින් ඔවුන් ඉහළ මහලයට පැමිණෙනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදා පළමුකොටම ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ඒකක වැටලූ බවද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අධ්‍යක්ෂ මොහොමඩ් සකෝට් පැවසුවා.

කෙසේවෙතත් මේ වනවිට මුළුමනින්ම අල් ෂිෆා හි ස්වාධීනත්වය බිඳ වැටී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.