25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදීපවාලි සතියේදී හැටන් ඩිපෝවට ලක්ෂ 245ක ආදායමක්

දීපවාලි සතියේදී හැටන් ඩිපෝවට ලක්ෂ 245ක ආදායමක්

දීපවාලි උත්සව සමය තුළදී මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් උපයා තිබෙනවා.

අප මේ පිළිබඳව සිදු කළ විමසිමකදීයි හැටන් ලංගම ඩිපෝවේ සහකාර කළමනාකාර පාලන එම්.මහනාම මේ බව සඳහන් කළේ.

මෙම මස 08 වන දින සිට 14 වන දින දක්වා සතියක කාලය තුළදී හැටන් කොළඹ, හැටන් මහනුවර ප්‍රධාන මාර්ග ඇතුළු අනිකුත් වතු ආශ්‍රිත මාර්ගවල බස් රථ ධාවනයෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් ලංගම හැටන් ඩිපෝව පැවසුවා.

මෙම ආදායම ලබා ගැනීමට තම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුළු සමස්ත සේවක පිරිසම දැඩි කැපවීමක් සිදු කළ බවත් එම සියලුම දෙනාගේ එකමුතුකම හා කැපවීම මත මෙවන් ආදායමක් මෙම ඩිපෝවට ලබා ගැනීමට හැකි වු බවද ඔහු වැඩිදුරටත් පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.