― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeHot Newsඩීසල් සොරාගත් සේවකයින් 05කගේ වැඩ තහනම්

ඩීසල් සොරාගත් සේවකයින් 05කගේ වැඩ තහනම්

ඩීසල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ සේවකයින් 05 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ ස්ථානභාර නිලධාරියා ඇතුළු සේවකයින් 05කගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා අනුරාධපුර දුම්රිය ධාවනාගාරයේ සිදුව ඇති ඩීසල් ලීටර් 545ක සොරකමට අදාළව සොයාබැලීම සඳහා
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුවේ නිර්දේශ මතයි මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ.