― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsHealthමාස තුනකදී ඒඩ්ස් රෝගීන් 15ක් ජීවිතක්ෂයට

මාස තුනකදී ඒඩ්ස් රෝගීන් 15ක් ජීවිතක්ෂයට

මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වන මාස තුන ඇතුළතදී ඒඩ්ස් රෝගීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එමෙන්ම එම තුන් මාසය තුළ HIV ආසාදිතයන් 139 දෙනකු හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන ඒඩ්ස් මර්දන වැඩසටහන වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදී HIV රෝගීන් 152ක්ද, දෙවැනි කාර්තුවේදී රෝගීන් 130ක් හා තුන්වැනි කාර්තුවේදී රෝගීන් 145ක් ද වශයෙන් හන්දුනාගත් බවයි.

2023 වර්ෂයේ පළමු කාර්තුවේදී රෝගීන් 165ක් සහ දෙවැනි කාර්තුවේදී රෝගීන් 181ක් සහ තුන්වැනි කාර්තුවේදී රෝගීන් 139ක් ද හඳුනාගෙන තිබේ.

මෙලෙස හඳුනාගත් රෝගීන් 485 දෙනෙකු අතර වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන තරුණයන් 72ක් හා තරුණියන් 07 දෙනෙක්ද සිටින බවයි ඔවුන් පවසන්නේ.

මේ වනවිට ඒඩ්ස් රෝගීන් 5496 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1391 දෙනෙකුම කාන්තාවන් වන බවයි වාර්තා වන්නේ.