27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි - දොඹකර අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි – දොඹකර අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් – වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම අනතුරෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට යොදා තිබූ දොඹකරයක පටවා තිබූ යකඩ බාල්ක කොටසක් රථයෙන් පිටතට යොදා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

යතුරුපැදියක ගමන් ගත් අඹුසැමි යුවලක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන්ව රෝහල්ගත කිරීමෙන් පසුවයි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිදිරි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට අදාළව දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.