― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවරින් වර පලාගිය බාලවයස්කාර දැරියක් සොයා ගැනේ

වරින් වර පලාගිය බාලවයස්කාර දැරියක් සොයා ගැනේ

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී පලාගොස් සිටි වයස අවුරුදු 15ක් වන දැරිවිය සහ ඇය සමග සිටි බව කියන පුද්ගලයෙකු මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම – අගුණවිල, අක්කර 15 පදිංචිව සිටි වයස අවුරුදු 15යි මාස 03 ක් වන දැරිවියක් සහ මාවතගම පහලගම, පිලැස්ස පදිංචි අවුරුදු 23ක් වන අයෙකුයි.

මෙම දැරිවිය තම ආච්චි සහ සීයා සමඟ ජීවත් වී ඇති අතර ඇය අවස්ථා ගණනාවකදීම හලාවත, මහව, නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි තරුණයින් සමග සම්බන්ධතාවයන් ආරම්භ කර ඔවුන් සමග අඹු – සැමියන් ලෙස ජීවත් වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති දැරිවිය අධිකරණ නියෝග මත ළමා නිවාසවල රඳවා ඇති නමුත් ඇය අවස්ථා කීපයකදීම ළමා නිවාසවලින් ද පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවසාන වරට ඇයව රඳවා තිබී ඇත්තේ කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේ ළමා නිවාසයකයි.

ඉකුත් සැප්තැම්බර් මස 07 වැනිදා ළමා නිවාසයේ භාරකරුවන් විසින් දැරිවියව ඇයගේ ආච්චිට සහ සීයාට භාර දී ඇත්තේ ඔවුන් ළමා නිවාසයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

ඉකුත් ඔක්තොම්බර් මස 20 වැනිදාද දැරිවිය තම භාරකවරුවන්ගෙන් මිදී හලාවත – විල්පත පදිංචි තරුණයෙකු සමග පලා ගොස් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

දැරිවිය කැඳවාගෙන ගොස් ඇති තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇති අයෙක් වන අතර ඔහු තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා දැරිවිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබෙනවා.

එම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ දැරිවිය කුරුණෑගල ප්‍රදේශයෙන් පලා විත් නැවත මුන්දලම – අගුණවිල පදිංචි තම ආච්චි සහ සීයා සොයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ලද තොරතුරක් මත ඉකුත් 10 වෙනිදා දැරිවියව තම භාරයට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
පසුව ඇය කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි. පොලිස් ආරක්ෂාව යටතේ සිටි දැරිවිය ඉකුත් 13 වැනිදා සවස 4.00 ට පමණ කිසිවෙකුට නොදන්වා හොර රහසේම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

රෝහලෙන් පලා ගොස් ඇති දැරිවිය සොයා ගැනීම සඳහා මුන්දලම පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන දැනුවත් කෙරුණා. මේ අතර මාවතගම පොලීසියට ලද තොරතුක් අනුව පහලගම -; පිලැස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ දැරිවිය සහ තරුණයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති දැරිවිය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මුන්දලම පොලීසියට භාර දීමටයි නියමිතව ඇත්තේ.