32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරට බංකොලොත් කිරීමට 225ම වගකිව යුතුයි

රට බංකොලොත් කිරීමට 225ම වගකිව යුතුයි

රට බංකොලොත් කිරීමට 225ම වගකිව යුතු බවත් කාටවත් ඉන් නිදහස් වීමට නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවෙන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනෙක් සියල්ලම ඉටුවෙන බවයි.

පාර්ලිමේන්තුවේ 225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවන බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පෙබරවාරියේ ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.