31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝක්කුවක් අසළ සැක සහිත මළ සිරුරක්

බෝක්කුවක් අසළ සැක සහිත මළ සිරුරක්

සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසළ තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදීයි මෙම මළ සිරුර හමුවී ඇත්තේ.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයාගේ වයස අවුරුදු 27ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණයා පසුගිය 12 වැනිදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් පසුගිය 13 වැනිදා මොහුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසළ තිබියදී මළ සිරුර සොයාගෙන තිබේ.