30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත්වෙයි

ශ්‍රී ලංකාව යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත්වෙයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ යුනෙස්කෝ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව ඡන්ද 144 කින් තේරී පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊයේ (15) පැරිසියේදී යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී 2023-2027 කාලසීමාව සඳහා සාමාජිකයින් 58 දෙනෙකු තෝරා පත් කරගෙන තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට සහභාගී වූ සාමාජික රටවල් 188 න් ඡන්ද 144 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව විධායක සභාවේ ආසනය තහවුරු කර ගත්තේය.

ආසියා පැසිෆික් කලාපයේ, යුනෙස්කෝ සාමාජික රටවල් විසින් අපේක්ෂකයින් නව දෙනාගෙන් හය දෙනෙකු තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව සමඟ පකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කොරියාව සහ ඕස්ට්‍රේලියාව මෙම කලාපයේ අනෙකුත් රටවල් වේ.