― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (19) පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ඒ අනුව 19 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙසජල සැපයුම අත්හිටවෙනු ඇති.

සප්පුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම ඇණහිටීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.