― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsHealthතවත් ඖෂධ 100ක මිල පාලනය කරනවා - රමේෂ්

තවත් ඖෂධ 100ක මිල පාලනය කරනවා – රමේෂ්

තවත් ඖෂධ 100කට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“එක් ඖෂධයක් වෙළඳ නාම 10 කින්, 15 කින් පමණ තිබෙනවා. සාධාරණ මිලක් නියම කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි වෙනවා . අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862 ක් රට තුළ සංසරණය වනවා. ඉන් 675 ක් ආනයනය කරන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්.”