― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසරක් පුරා පියාගේ යහළුවෙක් දැරිය දූෂණය කරලා

වසරක් පුරා පියාගේ යහළුවෙක් දැරිය දූෂණය කරලා

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් වසරකට වැඩි කාලයක් විටින් විට දූෂණය කළ බව කියන පුද්ගලයෙක් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු රිදීබැදිඇල්ල, කිරිදිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු දූෂණයට ලක් වූ දැරියගේ පියාගේ මිතුරෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා තම පියා නොමැති අවස්ථාවලදී නිවසට පැමිණ වසරකට වැඩි කාලයක සිට මෙලෙස තමන්ට ලිංගික අතවර කරන බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමුකර ඇති අතර සැකකරු අද (17) නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.