25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිඅල ගේන්නත් ඩොලර් 295ක් වැය කරලා

කිරිඅල ගේන්නත් ඩොලර් 295ක් වැය කරලා

පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු කොමඩු, කිරි අල, අන්නාසි ,මෑ කරල්, කජු ආදිය මෙලෙස ඩොලර් වැය කර ගෙන්වා ඇති බවයි.

අමාත්‍යංශ වලට ජනපති වෙන් කළ මුදල්වලින් තමන්ගේ යුතුකම ඉටුකරන්නැයි මන්ත්‍රීවරයා එහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම මහ පොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැතැයි කී මන්ත්‍රීවරයා අවධාරණය කළේ කිරි අල, මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බවයි.