26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අදයි

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අදයි

2024 වර්ෂය සඳහා වන අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය සඳහා දින 07ක් වෙන්කර තිබුණා.

ඒ අනුව නොවැම්බර් 13 වැනිදා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය 14 වැනිදා සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 බදාදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ඇත්තේ දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ටයි.