27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහවුති සටන්කාමීන් ඊශ්‍රායල නෞකාවක් පැහැරගනියි

හවුති සටන්කාමීන් ඊශ්‍රායල නෞකාවක් පැහැරගනියි

යේමනයේ හවුති සටන්කාමීන් විසින් ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සටන්කාමීන් විසින් නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති බවයි.

හවුති සටන්කාමීන් විසින් නෞකාවක් සිය යටතට පත්කර ගන්නා අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු සිට තිබෙනවා.

මෙම නෞකාව රතු මුහුදේ මෝටර් රථ ප්‍රවාහනය කරන ඝලxය් ළේඩෙර් නැමැති නෞකාව ලෙස හඳුනාගෙන ඇති අතර එය බහමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ බව සඳහන්.

මීට පෙර යේමනයේ හවුති සටන්කාමීන් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායල සමාගම්වලට අයත් හෝ ක්‍රියාත්මක වන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි.