27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsICC ය නම් කළ ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

ICC ය නම් කළ ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

සති 06ක කාලයක් පුරා දිග හැරුණු එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (19) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව ශූරතාව හිමිකර ගනිමින් අවසන් වුණා.

තරගාවලිය එලෙස අවසන් වීමෙන් අනතුරුව, මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මායි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක්, ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි, නවසීලන්ත මුල්පෙළ පිතිකරු ඩැරල් මිචෙල්, ඉන්දීය පිතිකරු ලෝකේශ් රාහුල් මෙම කණ්ඩායමේ පිතිකරුවන් ලෙස නම්කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සහ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

වේග පන්දු යවන්නන් ලෙස ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක සහ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ 2023 ලෝක කුසලාන කණ්ඩායමේ සිටින එකම දඟ පන්දු යවන්නා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සම්පායි.

මෙම කණ්ඩායමේ 12 වන ක්‍රීඩකයා හෙවත් අතිරේක ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සි නම්කර තිබෙනවා.