27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට පියවර

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට පියවර

ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රමාදය අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ලබන්නා වූ වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් සම්පූර්ණයෙන් ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොරව කටයුතු කරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා.

ඒ අතර මේ දිනවල එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් මේ කටයුත්ත කඩිනමින් කරන්න. දීර්ඝ කාලයක් බැරි වුණ දේ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් හිරවෙලා තියෙන රියදුරු බලපත්‍ර සියල්ල වඩා නවීන තාක්ෂණයෙන් නිකුත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරලා තියෙනවා.”