― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsසහල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැහැ – ඇමති මහින්ද

සහල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැහැ – ඇමති මහින්ද

ප්‍රමාණවත් අස්වැන්නක් තිබෙන බැවින් සහල් ගෙන ඒමට අවශ්‍ය නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිශී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මුදල් ලැබෙන ආකාරයට වී මිලදී ගැනීමට සිදු වන බවයි.

අදියර වශයෙන් පොහොර ලබාදීමේ වැඩසටහන් දියත් කළා. පසුගිය කන්නයේ නියමිත වෙලාවට, නියමිත දිනයට පෙර පොහොර ලබාදුන්නා.පොහොර හිඟයක් ගිය කන්නයේ සිදු වුනේ නෑ. වැඩිම වී අස්වැන්න ගිය කන්නයේ ලැබුණා. ඩීසල් ලබාදීම සිදුවන්නේ චීන රජයේ ඉන්ධන සහනාධාරයක් ලෙසයි. ගොයම් කපන වෙලාවේ දුන්නේ.නැවත ඉන්ධන බෙදාගෙන යනවා. මූල්‍ය අර්බුදයක් මැද්දේ මේ බෙදා හැරීම් කරගෙන යන්නේ. වී මිලදී ගැනීමට මුදල් ලැබෙන විදියට ක්‍රියාත්මක වන්නේ. මුදල් ලැබෙන ආකාරයට එය කරන්න සිදු වන්නේ.

සහල් වී තියාගෙන ඉන්නේ මෝල් හිමියන් , ඒ නිසා හිඟයක් ඇති වී තිබෙන්නේ. කීරි සම්බා සහල් නෑ. රාජ්‍ය අංශයේ වෙළඳසැල් මගින් අලෙවි කරන්න සහල් ගෙන්න ඉල්ලීමක් අරන් තිබෙන්නේ.”