― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපුංචි ඡන්දයට අදාළ පෙත්සම් විභාගයට දින දෙයි

පුංචි ඡන්දයට අදාළ පෙත්සම් විභාගයට දින දෙයි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් මේ මස 29 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

එහෙත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා අද දින නඩු විභාගයට සහභාගී නොවීම හේතුවෙන් අදාළ පෙත්සම් සෙසු විනිසුරුවරු හතර දෙනා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වනදා පැවැත්වීමට දින නියම කරන බවයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.