32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපි ජනතාවගේ ජීවිත අයිතිය සුරක්ෂිත කරලා තියෙනවා

අපි ජනතාවගේ ජීවිත අයිතිය සුරක්ෂිත කරලා තියෙනවා

ආර්ථිකය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ.”