26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවික්ටෝරියා වේල්ලේ වාන් දොරටු 02ක් ස්වයංක්‍රීයව ඇරෙයි

වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු 02ක් ස්වයංක්‍රීයව ඇරෙයි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

එම නිසා වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (20) රාත්‍රී 08.00ට පමණ ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවයි වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එලෙස විවෘත වූ වාන් දොරටු දෙකෙන් මහවැලි ගඟේ පහළ කොටසට විශාල ජල දහරාවක් ගලා යන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම වැඩි විය හැකි බවයි.

මේ හේතුවෙන් මහවැලි ගංඟ අවට සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.