23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයෝජිත විදුලිබල පනතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලිබල පනතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය එක්ස් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සිදුවන අතර ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ සිදුකිරීමට නියමිතයි.