25 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිසුවෙක් වස පානය කර පාසලට ඇවිත්

සිසුවෙක් වස පානය කර පාසලට ඇවිත්

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙක් අද (21) උදෑසන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වස පානය කර ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන දමිළ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවා අද (21) උදෑසන වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ තම නැඟණියට නිරන්තරයෙන් බැණ වැදීම හේතුවෙන් එය ඉවසාගත නොහැකිව මෙම සිසුවා මෙලෙස වස පානය කර අද උදෑසන පාසලට පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පාසලට පැමිණි සිසුවාගෙන් යම් දුගන්ධයක් වහනය වන බවට සිසුවාගේ පන්තියේ ළමුන් ගුරුවරුන්ට පවසුමෙන් පසු මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සිසුවාව වහාම රෝහල වෙත රැගෙන යාමටයි ගුරුවරුන් කටයුතු කර ඇත්තේ.