30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිසි වේලාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වනවා

නිසි වේලාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වනවා

හිඟයකින් තොරව ඖෂධ සැපයීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් නියමිත වේලාවට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වීමට කටයුතු කරන බවත් නව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (20) වැඩ භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව වෙත ලබාදෙන සේවා කාර්යක්ෂමව සහ ජනතාවාදීව ලබාදීම වෙනුවෙන් උපරිම අවධානය යොමු කරන බවයි.