― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහක්ක පටස් කෑ වන අලියෙක් ජීවිතක්ෂයට

හක්ක පටස් කෑ වන අලියෙක් ජීවිතක්ෂයට

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය වන අලියකුගේ සිරුරක් ඉපලෝගම – ඉහළකාගම ප්‍රදේශයේ තිබී ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරින් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ගම්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී එම වන අලියාගේ සිරුර සොයා ගැනුණු බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සැරිසැරූ උස අඩි 07 ක් පමණ වන වන අලියෙක්. නාඹර වයසේ පසුවන එම අලියාගේ වයස අවුරුදු 18ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරනවා.

වනඅලියා මින් දින කිහිපයකට ඉහතදී හක්ක පටස් ආහාරයට ගෙන ඇති බවයි සැක පළ කරන්නේ. එම හේතුවෙන් අලියාගේ මුඛයට බරපතළ හානි සිදු ව තිබූ අතර අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම ද ආරම්භ කෙරුණා.

හක්කපටස් ආහාරයට ගැනීමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම වනඅලියා වනජීවී පශු වෛද්‍ය නිලධාරින්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ.

මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ විසින් අද පස්වරුවේ පවත්වනු ලැබූ අතර එම වනඅලියාගේ මරණය හක්කටපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට ඇති වූ බරපතළ හානිය හේතුවෙන් සිදුවූවක් බවටයි තීරණය කෙරුණේ.