31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇඟළුම් කම්හලකින් ඇඳුම් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

ඇඟළුම් කම්හලකින් ඇඳුම් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගබඩාව බිඳ එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 11ක් වටිනා ඇඳුම් සොරකම් කළ තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර එම කර්මාන්තශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාද වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයන් විසින් මසා නිම කළ ටී ෂර්ට් සහ කමිස තොගයක් සොරාගෙන ඇති අතර ඔවුන් අද කටුනායක පොලිසියේ අත්අඩංගුවට පත්වීමේදී සොරකම් කළ ඇඟලුම් තොගයද සොයාගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා රාත්‍රී මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඔහුගේ සහයන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කර්මාන්තශාලාවේ ගබඩාවේ පිටුපස කවුළුවක් බිඳ මෙම ඇඟලුම් සොරා ගෙන ඇතැයි සඳහන්.

අනතුරුව එම සොරකම් කළ ඇඟලුම් තොගය මෝටර් රථයක් මගින් නිදහස් වෙළෙඳ කළාපයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. මෙම කර්මාන්තශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හිටපු හමුදා සාමාජිකයෙක් වන අතර ඔහු විසින් මෙම සොරකම සම්පූර්ණයෙන් සැළසුම් කර මෙහෙයවා ඇති බවටයි හෙළිවී ඇත්තේ. සොරකම් කළ මෙම ඇඟලුම් එළඹෙන උත්සව සමයේ අලෙවිය සදහා යොමු කිරීමට මොවුන් සැළසුම් කර තිබූ බව ද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග මෙම සොරකම සඳහා භාවිතා කළ මෝටර් රථය ද කටුනායක පොලිසිය මගින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.