26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති රොෂාන්ගේ මරණ තර්ජන ගැන පරීක්ෂණ අරඹයි

ඇමති රොෂාන්ගේ මරණ තර්ජන ගැන පරීක්ෂණ අරඹයි

සිය ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කරන ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කොට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව පෙන්වා දුන්නේය.

පොළොන්නරුව බදුලුවැව සිරිසඟබෝ පෙදෙස අංක 1 දරණ ලිපිනයේ පදිංචි ආර්. එස්. රොෂාන් අනුරුද්ධ කළ පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.