29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුණු සැර වැදී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ගල්පාත ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එල්ල වූ අකුණු සැර පහරක් වැදීමෙන් ඇති වූ කම්පනයකින් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ අකුණු පහරින් සිදු වූ කම්පනයෙන් ඊයේ රාත්‍රියේදී මෙම සිසුවා මියගොස් ඇති බවයි. මියගිය සිසුවාගේ දෙමාපියන් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ – වටුගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවෙක්.

අකුණු සැර සැර එල්ල වන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති අතර එහිදී ඇති වූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් වාර්තා වනවා.

ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවත් සඳහන්. මියගොස් ඇති සිසුවාගේ ශරීරයේ බාහිර කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෘතදේහය ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර; පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල නගරයේ ප්‍රදේශ බොහෝමයක් සහ රක්වාන නගරයද මුළුමනින්ම ජල‍යෙන් යට වී ඇති බවත් වාර්තා වනවා.