33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චියේදී වන අලියෙක් දුම්රියට බිලිවෙයි

කිලිනොච්චියේදී වන අලියෙක් දුම්රියට බිලිවෙයි

කිලිනොච්චියේ සහ මුලතිව්හිදී දුම්රියේ ගැටීමකින් සහ විදුලිසැර වැදීමෙන් වන අලියෙකු සහ දළ ඇතින්නක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු රොමේෂ් සඳහන් කළේ මෙම අනතුර ඊයේ පස්වරුවේදී සිදුව ඇති බවයි.

කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තර දේවී දුම්රියට වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරිය සාලම්බන් ප්‍රදේශයේ දී කුඹුරු යායකදී විදුලිසැර වැදීමෙන් මිය ගිය දළ ඇතින්නකගේ මළ සිරුරක් සොයා ගැනුණා.

අදාළ කුඹුරු යායට වනඅලි තර්ජනය හේතුවෙන් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙලෙස විදුලි සැර වැදීමෙන් ඇතින්න මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතින්නක් වන අතර අදාළ කුඹුරට විදුලි රැහැන් අනවසරයෙන් ‍යෙදූ කුඹුරේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට ඔඩ්ඩුසුඩාන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.