25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

අත්තනගලු ඔය ආසන්නයේ පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම නිල්වලා ගඟ ද්‍රෝණියේ කිරම ගඟ ආශ්‍රිත මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.