27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් භාරයේ සිටින ඊශ්‍රායල වැසියන්ට හෙට නිදහස

හමාස් භාරයේ සිටින ඊශ්‍රායල වැසියන්ට හෙට නිදහස

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 04ක සටන් විරාමය අද (23) උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.