― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsHealthළමුන් අතර රෝග ව්‍යාප්තියේ වර්ධනයක්

ළමුන් අතර රෝග ව්‍යාප්තියේ වර්ධනයක්

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බවයි.

දෙමව්පියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

මේ දවස්වල ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග ඒ කියන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ හා ඊට අමතරව ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව hand foot mouth disease කියන රෝගය යනවා. ඒ නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ තියන දරුවෝ පාසලට යවන්න එපා. කට වටේ රතු ලප, අතේ රතු ලප තිබුණොත් ඒ දරුවන්ට අත්පා මුඛ රෝගය වෙන්න පුළුවන්. ඒ දරුවන්වත් ගෙදර තියා ගන්න. දවස් කිහිපයකින් හොඳවෙයි. ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න. ඩෙංගු වර්ධනය වෙලා තියෙනවා. වැස්ස නිසා පාචනය තත්ත්වයනුත් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කරන්න මම හිතනවා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. අත්දෙක හොඳට සබන් දාලා හෝදන්න. රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. ඒවා අවම කරගන්න අපි කටයුතු කරමු.