26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentත්‍රිරෝද රථ - බවුසර් අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ – බවුසර් අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, මාතලේ හංදිය ආසන්නයේදී ඊයේ (23) සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගලේවෙල පොලිසිය පැවසුවේ දඹුල්ල සිට ගලේවෙල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ ලෝචනා කාව්‍යංජලි නැමැති තරුණියක්.

අනතුර සිදුව අවස්ථාවේදී ත්‍රිරෝද රථය තුළ පියා, මව සහ දියණියන් දෙදෙනා සිට තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ඔවුන් සිව්දෙනා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් දියණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණිය පොළොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් වන අතර ඔවුන් විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.